රටපුරා සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව හැසිරවීමේ වැඩසටහන අද (30)ආරම්භ කළ බවට වාර්තා වේ.
එම වැඩසටහනේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ ,ගංගොඩවිල සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේදී අද පැවැත්වුණි.
ඒ අනුව සියලු රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ දරුවන් ඉංග්‍රීසි භාෂා භාවිත කිරීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලටත් යොමු කරවන අතර ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමට අවශ්‍ය ඉගැන්වීම් සිදුකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබේ.
