කොළඹට මහල් නිවාස සංකීර්ණ පහක්.

සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කරන බවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාළ එකඟතාව පසුගියදා ජනාධිපතිවරයා චීන රජය වෙතින් ලබාගෙන ඇති බවයි.

මේ අතර, නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති 2024 වසර සඳහා වන නව අයවැය සමඟ යළි ඇරඹීමට පියවර ගන්නා බවට ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එහි දී ඔහු කියා සිටියේ, “සුළු හා මධ්‍ය ආදායම් ලබන ජනතාව වෙනුවෙන් කොළඹ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 350ක් වැය වන අතර එය ප්‍රධානයක් ලෙස ලබාදීමට චීන රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එකඟතාව පළකර තිබෙනවා.

එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් මේ වන විට ලැබී තිබෙනවා. මෙය නිවාස 2500ක විශාල ව්‍යාපෘතියක් බව පැවසිය යුතුයි.” 

Exit mobile version