පුද්ගලයෙකු පැහැරගෙන ,ගෑස් සිලින්ඩරයක් කොල්ලකා පළායාමේ සිද්ධියක් සම්බන්ධව සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කරන්නේ කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකු පැහැරගෙන ගෑස් සිලින්ඩරයක් කොල්ලකා ඇති බවයි.
කෝපායි පොලිස් ස්ථානයට ලැබුණ තොරතුරක් මත විමර්ශන සිදුකිරීමේදි ඊයේ(03) උදෑසන කිලිනොච්චිය ප්‍රදේශයේදී සැකකරුවන් පස් දෙනෙකු එම අපරාධය සඳහා යොදාගත් කැබ් රථය හා කොල්ලකන ලද ගෑස් සිලින්ඩරය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
පැහැරගැනීමට ලක් වූ පුද්ගලයාද සැකකරුවන් භාරයේ සිටියදී සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22,23,24,31,හා 34 යන වයස්වල පසුවන පරන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ.
මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (04) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කෝපායි පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.