කිලිනොච්චියේ නිවසකට පහර දීලා පහක් රෝහලේ.

කිලිනොච්චිය , තිරුවයියාරු ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදුණු කල්ලියක් සිදුකළ පහර දීමක් හේතුවෙන් පුද්ගලයන් 5 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ .

පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර විදේශිකයෙකුට අයත් නිවසකට මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.

මෙම ප්‍රහාරයෙන් නිවසට හානි සිදුව ඇති අතර නිවසේ තිබූ භාණ්ඩ තොගයක්ද ප්‍රහාරකයන් විසින් කොල්ලකා පලා ගොස් ඇති බවට නිවැසියන් පොලීසියට පැමිණිලි කොට තිබේ.

ප්‍රහාරයෙන් නිවැසියන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති අතර ප්‍රහාරයට පැමිණි අයෙකුද තුවාල ලබා රෝහල් ගත කොට තිබෙන බව වාර්තා වේ .

Exit mobile version