ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානම්.

ගිං ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වැසි තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ .

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වැලිවිටිය-දිවිතුර, බද්දේගම, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය සහ බෝපේ පොද්දල ප්‍රදේශවලට මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Exit mobile version