ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ.

නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කළ බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (24) අලුයම සිට හෙට (25) අලුයම් කාලය දක්වා වූ පැය 24 තුළ ගංවතුර තත්ත්වය ගැන දැඩි අවදානයක් යොමු කරන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

විශේෂයෙන් එම ප්‍රදේශවල අතුරු මාර්ග භාවිත කරන පුද්ගලයින්ට ගංවතුර තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරන ලෙස ද එම නිවේදනයේ තවදුරටත් සඳහන්.

Exit mobile version