ගුවන් යානාවලට අනතුරු වියහැකි බැවින් රත්මලාන, කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ගුවන් තොටුපොළ පාලන අධිකාරිය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම එම පාලන අධිකාරිය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට ජංගම රථ යොදවා ඇති බවත් , ගුවන් යානා නීතියට අනුව ගුවන් තොටුපොළක සිට කිලෝමීටර පහක් ඇතුළත ප්‍රදේශයේ අඩි 300 ක් හෝ ඊට ඉහළ ආකාශයේ සරුංගල් යැවීම සහ ඩ්‍රෝන යානා පාකිරීම තහනම් බවත් , සරුංගල් යැවීමට භාවිතා කරන ඝන තංගුස් නූල ගුවන් යානාවලට තර්ජනයක් බවත් ය.