මධ්‍යම කදුකරයට මීදුම් තත්ත්වයක් .

මධ්‍යම කදුරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් මත විටින් විට පවතින දැඩි මීදුම් තත්ත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට විටින් විට වැසි සමග දැඩි මීදුම් තත්ත්වයක් පවතින බවත් එම තත්ත්වයන් මත විශේෂයෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවල, කැරලයිනා, දියගල, වටවල, යන ප්‍රදේශවල මෙන්ම හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පතන, ලිදුල, රදැල්ල, නානුඔය යන ප්‍රදේශවල මාර්ගයන් නොපෙනි යන තත්ත්වයක් පවතින බවයි.

මෙම තත්ත්වයන් මත එම ප්‍රදේශවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවත් එම තත්ත්වයන් මග හරවා ගැනිමට මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරන සියලුම රියදුරන් ඉතාමත් කල්පනාකාරිව රථ වාහනවල ඉදිරි පස ලාම්පු දල්වා තම රථ වාහන ධාවනය කරවන ලෙසට සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version