පාපන්දු සම්මේලනයේ තහනම ඉවතට.

FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය 2023 වර්ෂයේ ජනවාරි 21 වන දින අත්හිටුවනු ලැබීය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් සහ මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය දැක්වූ යහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් සලකා බලා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තහනම ඉවත් කිරීමට ඊයේ (27) තීරණය කළ බව වාර්තා වේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් නිකුත් කර ඇති ලිපියේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29 වනදා පවත්වන බවට මෙරට ක්‍රීඩා බලධාරීන් පොරොන්දු වී ඇති බවත් , එතෙක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවත් ය.

Exit mobile version