අල්ලස් ගත් සැරයන්ට – පීසී ට වැඩ වරදී.

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු ගෙන් රුපියල් 5000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගනිද්දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් පොලිස් සැරයන් වරයෙකි.

පැමිණිලිකරු පදවන ලද ත්‍රීරෝද රථයෙන් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කිරීමේ වරදට එම නීති විරෝධී මත්පැන් වන කසිප්පු කරදරයකින් තොරව ඉදිරියේදී විකිණීමට ඉඩ සලසා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10,000ක මුදලක් ඉල්ලා රුපියල් 5000 ක මුදලක් පළමුව සැකකරුවන් දෙදෙනා ලබාගෙන තිබූ බවට පොලිසිය සඳහන් කර තිබේ.

Exit mobile version