ප්‍රථම වතාවට ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත කාන්තාවකට කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හිමි වී ඇති බව වාර්තා වේ.
පසුගිය 19 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අමාත්‍ය ධූරය හිමිව ඇති අතර මැයට කැනඩාවේ රාජ්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමිව තිබේ.
මැය නමින් තුෂාරා විලියම්ස් ය. කුඩා කල සිට කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර කොළඹ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව 1991 වර්ෂයේ දී කැනඩාව බලා සංක්‍රමණය වී තිබේ.එමෙන්ම කැනඩාවේ ටොරෙන්ටේ හි පිහිටි විශ්ව විද්‍යාලයකින් වැඩි දුර අධ්‍යාපනය ලැබූ බව සඳහන් වේ.
තුෂාරා විලියම් මෙරට සිටි කාලය තුළ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනය කිරීමට අදාළ සමීක්ෂණ ආයතනයක ද සේවය කර තිබේ.
