රථ වාහන පරීක්ෂා කිරීම් ඇතුළු පොලිස් රථ වාහන රාජකාරී සඳහා ප්‍රථමවරට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තා පොලිස් නිලධාරිනියන් අට දෙනෙකු පොළොන්නරුව පොලිස් කොට්ඨාසභාර රථ වාහන සේවයට එක් කිරීමේ පළමු වැඩසටහන ඊයේ (23) සවස පොළොන්නරුව කොට්ඨාසභාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතා ප්‍රධානත්වයෙන් පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්‍යාල පරිශ්‍රයේ පැවැත් වූ බව වාර්තා වේ.
මෙම කාන්තා පොලිස් නිලධාරිනියන් අට දෙනා පොළොන්නරුව කොට්ඨාසභාර යතුරුපැදි ඒකකය සහ රථ වාහන යතුරුපැදි ඒකකයේ සේවයට එක් කර ඇති අතර මෙම නිලධාරිනියන් අට දෙනා සිය රාජකාරී කටයුතු ඊයේ (24) සිට ආරම්භ කර ඇති බව සඳහන්.
