“නිල ඇදුම් ඇන්දාට පොලිසියෙ උන් ඉන්නෙ හෙළුවෙන්” – සාජන් විමල් ජයසේකර

පොලිසියේ මහපුටුවල සිටිනා සමහරක් නිලධාරින් හිතන් ඉන්නෙ අනෙකුත් නිලධාරින් වහල්ලු කියාත් තමන් සිදු කරනා සෑම ක්‍රියාවක්ම ඔවුන් ඉවසන් සිටිය යුතු‍ය යන්නයි. මෙලෙස උසස් නිලධාරින්ගේ අඩත්තේට්ටම් වලින් බැට කා වැඩ තහනමකට ලක්ව සිටින හිත හොඳ පොලිස් මහතා හෙවත් සාජන් විමල් ජයසේකර මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමින් විශේෂ අනාවරණයන් රැසක් සිදු කරන ලදි.

විමල් ජයසේකර මහතා සඳහන් කරන්නේ තමා ස්ථාන මාරුවක් සිදු කර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයට ගිය අවස්ථාවේ එදින සහන මැදිරියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිරන්ත ජයවර්ධන මහතා සිටි බවත් , ඔහු එහිදී විමසන ලද ප්‍රශ්න වෙනුවෙන් තමා ඉංග්‍රීසියෙන් පිළිතුරු දීමට යාමෙන් ඔහු කෝපයට පත් වූ බවත් , ඔහුගේ කෝපය නිසා”තමුසෙ කතා කරනවා දෙමළ වගේ ” යනුවෙන් ප්‍රකාශ කළ බවත් ය.

තවද ඔහු ප්‍රකාශ කර සිටින්නේ ,1997 වර්ෂයේදී ස්විසර්ලන්තයට යාමට නිවාඩු ඉල්ලා ගාල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ළඟට ගිය බවත් , එහිදී ඔහු නිවාඩු ලබා දුන්නේ ලැප්ටොප් එකක් ගෙන්නා ගන්නා පොරොන්දුව මත පමණක්ම බවත් ය.

මෙහිදී මූල්‍යමය අපහසුතා මධ්‍යයේ තමාට ලැප්ටොප් එකක් ගෙන ඒමට නොහැකි වීම හේතුවෙන් විටින් විට ලිපි එවා ඔහුව හමුවන ලෙස දැන්වූවත් තමා එහි යාමට අකමැති වීම හේතුවෙන් welfair devision වලට කොළඹට transfer එකක් ලබා දුන් බවත් විමල් ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී.

ඉන්පසු තමා ලබදූව හංදියෙන් බැදි පාරට හැරෙන තැන ලබා ගත් නිවසේදීවත් නිදහසේ සිටීමට ඉඩ නොදී මහ රෑ 1ට පමණ ගල් ගසා හිරිහැර කළ බවත් , මෙලෙස හිරිහැර අක්මීමන පොලිසියේ එවකට හිටපු OVC කණ්ඩායමක් යොදා සිදුකළ බවත් ප්‍රකාශ කර තිබේ.

තවද ඔහු ප්‍රකාශ කර සිටින්නේ මුහුදට පැන සිය දිවි නසා ගැනීමට ගිය රුසියානු ජාතිකයෙක් බේරා ගැනීම වෙනුවෙන් එම්බසි හරහා වරප්‍රසාද හිමි වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලිසිය තමා ගාල්ල අක්මීමන පොලිසියට transfer කළ බවයි.

මෙලෙස සතියකට වඩා එක තැනක රාජකාරි සිදු කිරීමට නොදීම හේතුවෙන් තමා සිටි මානසික පීඩනය හමුවේ යූ ටියුබ් හරහා නිල ඇදුම ඇදගෙන යම් ප්‍රකාශයක් සිදු කළ නමුත් එහි හරි වැරැද්ද ගැන සිතීමට නොහැකි වූ බව ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

තවද ඔහු සදහන් කරන්නේ තමා ඉංශ්‍රීසි කතා කළ බැවින් එයට නිලධාරින් කෝපවන්නට ඇති බවත් ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව තුළ දක්ෂ නිලධාරින්ට තැනක් නොමැති බවත් ය.

එසේම තමාට එරෙහිව පොලිසිය , උසාවිය නොමග යවා නඩුවක් දමා ඇති බවත් , එනම් තමාගේ මෝටර් බයික් එක අනතුරට ලක් වී පාර අයිනේ කඩේක කොන්ක්‍රීට් කණු දෙකක් , පොල් පරාල දෙකක් ,ඇස්බැස්ටෝස් සීට් පහක් කැඩී ඇති බවත් , නමුත් මෙලෙස හානි වී ඇත්තේ JCB එකක් අනතුරට ලක් වීමෙන් වුවත් එයටද තමා හසු කළ බවත් විමල් ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී.

මෙහිදී මහේස්ත්‍රාත්තුමා පොලිසියට අවවාද කර ඇත්තේ, තමාගේම පොලිස් නිලධාරියෙක් නේද ?මෙහෙම කරන්න එපා යනුවෙන් බවත් ජයසේකර මහතා වැඩි දුරටත් සදහන් කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.

Exit mobile version