පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක්.

පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බවට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එසේම පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් වැටුපක් ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර ඇති බව සදහන්.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කරන්නේ පෙර පාසලක් ආරම්භ කිරීමේදී එය යම්කිසි නීති රාමුවකට යටත්ව සිදුකළ යුතු බවද පෙර පාසල් ගුරුවරිය උපාධිධාරිනියක් විය යුතු අතර ඔවුන්ටම ආවේණික විශේෂිත වූ පුහුණුවක් අවශ්‍ය බවයි.

Exit mobile version