හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී.එම් .බී .සිරිල් විදුලි සෝපානයක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
හිටපු අමාත්‍යවරයා සිය නිවසේ පිටතින් සවි කර තිබූ විදුලි සෝපානයක් ආධාරයෙන් තුන්වන මහලේ අළුත්වැඩියා කටයුතු පරික්ෂා කිරීම සදහා ඔහුගේ රියදුරු සමග ඉහළ මාලයට ගමන් කරමින් සිටියදී සෝපානය කැඩී බිමට වැටී ඇති බව සදහන්.
මෙම අනතුරින් හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ රියදුරු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.
ඔහු මියයන විට 89 වැනි වියෙහි පසු වූ බව සදහන්.
