මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී ව නිවාස අඩස්සියේ තැබීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
2021 පෙබරවාරි මාසයේදී මියන්මාර හමුදා නායකයින් සුකී ව බලයෙන් ඉවත්කර එරට පාලනය අල්ලා ගත් අතර ඉන් අනතුරුව ඇයව රඳවාගෙන සිටියේය. ඉන් පසුව මෙලෙස නිවාස අඩස්සියට පත් කිරීමට පියවර ගෙන තිබේ.
