මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක හෙවත් “ හරක් කටා “ සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් “ පානදුරේ කුඩු සළිදු” ඉකුත් පළමුවැනිදා මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ව ඉකුත් 15 වනදා මෙරටට රැගෙන එන ලදී. මෙම සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් නියෝග මත දින 90 ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබාගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙන බවද වාර්තා වේ.
මෙම සැකකරුවන් දෙදෙනා නිරීක්ෂණය සදහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. .
