පේරාදෙණියෙන් සිව් දරු උපතක්.

කුරුණෑගල ,තෝරයාය,අටමුණේ ප්‍රදේශයේ පදිංචි මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරුවන් බිහිකළ බවට වාර්තා වේ.

පිරිමි දරුවන් තිදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු බිහි කළ මෙම පින්වත් මව සහ දරුවන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට සදහන් වේ.

මෙලෙස බිහිකළ නිවුන් දරුවන් සිව් දෙනා රෝහලේ නව ජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.

නිවුන් දරුවන් බිහි කළ මව 30 හැවිරිදි වියේ පසු වූ පාසල් ගුරුවරියක බවත් පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු බවත් අනාවරණය වේ.

Exit mobile version