ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට.

ඇමෙරිකාවේ නිරිතදිග ෆිලඩෙල්ෆියා හි කිංසෙසිං ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීමෙන් දරුවන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර වෙඩි තැබීම සිදු කළ සැකකරු ගිනි අවි දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

Exit mobile version