කාර් රථයක් ඉස්සූ හතරක් අත්අඩංගුවට .

වාහන අත්පත් කර ගැනීමේ නිලධාරින් බව කියමින් සිවිල් ආරක්ෂක නිලධාරියෙකුගේ කාර් රථයක් පැහැරගත් සැකකරුවන් 4 දෙනෙකු පොලොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සිවිල් ආරක්ෂක නිලධාරියා පොලොන්නරුව නගරයට සිය නිවසේ සිට යමින් සිටියදී වෙනත් රථයකින් පැමිණි සැකකරුවන් පිරිස සිවිල් ආරක්ෂක නිලධාරියාට පහර දී කාර් රථය සහ එහි තිබූ ලක්ෂ දෙකකට ආසන්න මුදලක්ද පැහැරගෙන ගොස් ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version