රත්මලාන ප්‍රදේශයේදී පුද්ගලයන් සිව්දෙනෙකු අත් අඩංගුවට .

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලීසිය පවසන්නේ, ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනිමට හැකි වූ බවයි.

සැකකරුවන් විසින් අදාළ පුද්ගලයාට පහර දී නිවසේ දේපළවලට ද අලාභ හානි සිදුකර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 19,25,27 හා 47 යන වයස්වල පසුවන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version