සිව් දෙනෙකුට මරණ දඬුවම දුන් පුද්ගල ඝාතනය .

තියුණු සහ මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරුවන් කරමින් ඔවුන්ට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.

ඒ කළුතර මහාධිකරණය විසිනි.

1996 වසරේ ජනවාරි 02වන දින කළුතර මදිනකන්ද ප්‍රදේශයේදී තියුණු සහ මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම  සහ තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කළුතර මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකර තිබුණි. 

නඩුවේ 1,2,3 සහ 5 වන විත්තිකරුවන්ට මෙහිදී මරණ දඬුවම නියම කළ අතර 6 සහ 7 විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබේ. 

එම නඩුවේ සිව්වන විත්තිකරු මියගොස් ඇති බවට මහාධිකරණයේදී කරුණු අනාවරණ වුණි. 

දීර්ඝ නඩු විභාගයක් පැවති මෙම නඩුවේ සාක්කිකරුවන් 14 දෙනෙකුගෙන් සාක්කි කැඳවා තිබුණි. 

ඒ අනුව සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් පසු එම නඩුවේ විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණය විසින් ඔවුන්ට ඊයේ දින මරණ දඬුවම නියම කළ බව වාර්තා වේ. 

Exit mobile version