සමුළුවකට එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අතුරුදන්.

ජාත්‍යන්තර පොලිස් සමුළුව සඳහා සහභාගී වීමට පසුගිය මාසයේ දී එක්සත් රාජධානිය වෙත ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති අතර එම නිලධාරීන් අතරින් සිව් දෙනෙකුට සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.

මෙම පොලිස් නිලධාරී කණ්ඩායම සමුළුව සඳහා සහභාගී වී ඇත්තේ මෙරට පිහිටි ජාත්‍යන්තර පොලිස් සංගමය නියෝජනය කරමිනි.

පසුගිය 4 වනදා මොවුන් නවත් රාජකාරියට වාර්තා කළ යුතුව තිබුණ ද මෙතෙක් මෙරටට පමිණ ඇත්තේ එම කණ්ඩායමෙන් දෙදෙනෙකු පමණක් බව සඳහන්.

අනෙක් නිලධාරීන් සිව් දෙනා පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු සහ කොස්තාපල්වරු දෙදෙනෙකු බවත් , මෙම නිලධාරීන් සිව් දෙනාගෙන් කිහිප දෙනෙක් පොලිස් මූලස්ථානයෙන් වසර 5ක නිවාඩු ඉල්ලීම් කර ඇති බවත් , එම ඉල්ලීම් පොලිස් මූලස්ථානය විසින් අනුමත කර නොමති බවත් වාර්තා වේ.

තව ද මෙම නිලධාරීන් සමුළුව සඳහා සහභාගී වීමට ගොස් ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික මුදලින් බව අනාවරණය වී තිබේ.

Exit mobile version