යාපනය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වූ වෙස්මුහුණු කොල්ල කල්ලියේ ප්‍රබලයින් සිව් දෙනෙකු සමඟ කොල්ල කෑ රන්භණ්ඩ තොගයක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම කොල්ල කල්ලිය යාපනය දිස්ත්‍රීක්කයේ ස්ථාන රැසක ගතවූ දින කිහිපය තුළදී වෙස්මුහුණු යොදා සිදු කළ කොල්ලකෑම් හේතුවෙන් ඔවුන් මාස්ක් කොල්ල කල්ලිය ලෙසින් හඳුන්වා දී තිබූ අතර යාපනය පොලීසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ කොල්ල කල්ලියේ සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී කොල්ල කන ලද රන් පවුම් 28 කට ආසන්න ප්‍රමාණයක්ද සොයා ගෙන තිබේ.
ඊට අමතරව ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදියක්, කොල්ල කෑම් සඳහා යොදාගන්නා කඩුවක් ඇතුලු උපකරණ තොගයක්ද සොයා ගත් බව සඳහන්.
