නිධන් සෙවූ හතරක් දැලේ.

මන්නාරම පොලිසියට ලද තොරතුරකට අනුව මන්නාරම , තාරාපුරම් ප්‍රදේශයේ පෞරාණික ස්ථානයක නිධන් හාරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙක් භූමි පරීක්ෂා කිරීමේ නවීන ස්කෑනර් යන්ත්‍රයක් සමගින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

මෙම සැකකරුවන් ස්කෑනර් යන්ත්‍රය යොදා ගනිමින් එම භූමියේ පාෂාණ සහ ලෝහමය ද්‍රව්‍ය පරීක්ෂා කොට නිධන් හෑරීම සිදු කර ඇති බව සඳහන් වේ.

අදාළ සැකකරුවන් කැළණිය , වැල්මිල්ල සහ කැකිරාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 ත් 46 ත් අතර පසුවන්නන් බව වාර්තා වේ .

Exit mobile version