යකඩ සහ වයර් සොරා ගත් හතරක් පොලිස් දැලේ.

කථානායක නිල නිවස ඉදිරිපිට තිබූ යකඩ බට සහ ජාතික විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විදුලි පරිපථ වලට සවි කර තිබූ වයර් සොරකම් කළ සැකකරුවන් 4 දෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට පොලීසිය විසින් ප්‍රකාශ කර තිබේ.

සැකකරුවන් විසින් සොරාගන්නා ලද භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 45 ඉක්මවන බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version