නිධන් හාරන්න ගිය හතරක් දැලේ.

නිධන් කර ඇති පෞරාණික වස්තූන් සොයා පොලොව හාරා කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයන් හතර දෙනකු එම කැණීමට භාවිතා කළ උපකරණ සමග දොරමඩලාව, පුදුක්කුලම ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බවට මිහින්තලය පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, දොරමඩලාව පාර පුදුක්කුලම , කුඩා පාලාඩිකුලම අනුරාධපුර , මිහින්තලේ දොරමඩලාව දෙවන පියවර , මදුරාගොඩ කිතුල්පිටිය යන  ප්‍රදේශවල පදිංචි, වයස අවුරුදු 21, 22, 40 සහ 46 වියේ  පසුවන පුද්ගලයන් සිව් දෙනෙකි.

මිහින්තලේ පොලිස් වසමේ දොරමඩලාව පුදුක්කුලම ප්‍රදේශයේ කාන්තාවකට අයත් පාළු ඉඩමක කැණීමක් සිදු කරන බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසා තිබේ.

Exit mobile version