තවත් පලස්තීනුවන් 39කට නිදහස.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ප්‍රකාශයට පත් කළ තාවකාලික සටන් විරාමයට සමගාමීව ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින තවත් පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කර ඇති බව වාර්තා වේ.

ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමේ තුන්වන දිනය යටතේ මෙම පලස්තීන සිරකරුවන් පිරිස නිදහස් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල රැඳවියන් 13 දෙනෙකු නිදහස් කිරීමට ප්‍රතිචාර වශයෙන් එම පිරිස නිදහස් කර ඇති බව සඳහන්.

Exit mobile version