ප්‍රංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීම අත්හිටුවන ලෙස හා විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහිව ක්‍රියාත්මක වන මහජන විරෝධතාව මේ වන විට ප්‍රබල තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම විරෝධතාව අතරතුර පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා කරයි.
එමෙන්ම විරෝධතාව සඳහා මිලියන පහකට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇති අතර විරෝධතාව මර්දනය සඳහා පොලිස් නිලධාරීන් 13,000ක් පමණ යොදා ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
