කඩුවෙල වැව පාර ආසන්නයේ ලදු කැලෑවක් තුල තිබී නාදුනන පිරිමි පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් හමුවී ඇති බව වාර්තා වේ.
මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 30ත් 40ත් අතර වයසක පසුවන්නෙක් බවට විශ්වාස කෙරේ.
මෙම පුද්ගලයාගේ සිරුරේ තැන් තැන්වල පහර දීමේ සලකුණු බවට සැක කළ හැකි ලකුණු දක්නට ලැබෙන බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මේ වන විට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව සදහන්.
මළ සිරුර ආසන්නයේ තිබී ජංගම දුරකථන දෙකක්ද සොයාගෙන ඇති බව සදහන්.
