මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල සාමාජික නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ කුඩු සලිදු මුදාගෙන යෑම සඳහා ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.
මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් ආකාරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වී ප්‍රහාරයක් එල්ල කර හරක් කටා , සහ කුඩු සළිදු ඇතුළු සැකකරුවන් පිරිසක් මුදාගැනීමට ඒ අනුව සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.
කෙසේවෙතත් ආරක්ෂක ආරංචි මාර්ග වාර්තා කර ඇත්තේ කමාන්ඩෝ ඇදුමෙන් සැරසී එම ප්‍රහාරය දියත් කර සැකකරුවන් මුදවා ගැනීමට සැලසුම් කර ඇති බවයි. එසේම ඉන්පසුව කුඩු සලිදු සදහා හරක් කටාට කමාන්ඩෝ නිල ඇදුම් අන්දවා ඉන් මුදවා ගෙන යාමට සැලසුමේ දෙවන පියවර ලෙසට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබී ඇත.
මීට අදාළව මාතර වැලිගම දී සහ රඹුක්කන දී අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු සාමාජිකයින් දෙදෙනෙකුගෙන් මෙම සැලසුමේ තොරතුරු හෙළි වී තිබූ බව ද අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට එම සැකකරුවන්ගේ ආරක්ෂාව දැඩි කර ඇති බව ද වාර්තා වේ.
මීට පෙර ද එක් අවස්ථාවක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට යාමේ දී ඔවුන්ට ඉන් පළා යාමට අවස්ථාව සලසා දීමට පිඹුරුපත් සකස් කර තිබුණේ ද පොලීසිය තුළම නිලධාරීන් විසින් වීම ද විශේෂත්වයකි.
එවන් පරිසරයක් තුළ දී නැවතත් මේ ආකාරයෙන් සිනමා චිත්‍රපට නිර්මාණය සදහා ද දායකත්වය ලබා දී ඇත්තේ පොලීසියේ නිලධාරීන් විසිනි.
(Sathiya.lk)
