සෞදි අරාබියෙන් චීනයටත් ඉන්ධන .

ලෝකයේ ප්‍රධානතම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය විසින් චීනයට ඉන්ධන ලබා දීම සඳහා සෞදි අරාබිය වෙත පැමිණි චීන ව්‍යවසායකයින් සහ ආයෝජකයන් පිරිසක් සමඟ ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව චීනයේ ප්‍රධානතම බොරතෙල් සැපයුම්කරුවා බවට සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගම පත්ව ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව විසින් සිය කනස්සල්ල පල කර ඇති අතර තම රටට අවශ්‍ය වන්නේ චීනය සමඟ තරග කිරීමක් නොව සහයෝගයෙන් කටයුතු කිරීමක් බවත් , වෙළඳ ගනුදෙනුවලදී හතුරන් නොමැති බවත් සෞදි අරාබි අමාත්‍ය අසීස් කුමරු ප්‍රකාශ කර තිබේ .

Exit mobile version