ජී.20 ඇරඹෙයි.

ජී.20 සමුළුව සඳහා මෙවර සත්කාරකත්වය ලබාදෙන්නේ ඉන්දියාවයි.

අද(08) රාත්‍රී 8.00 ට අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය නවදිල්ලිහි භාරත් මණ්ඩපම් ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ඇරඹෙන බව වාර්තා වේ.
 
සමුළුව සඳහා ඉන්දියාව ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් මිලියන 100කි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ආරාධනයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු ලෝක නායකයන් සමුළුවට එක් වන බව සදහන්.
 
ජී 20 සමුළුව සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක්ද දිල්ලි නුවරට පැමිණ ඇති අතර ඔහු එරටට පැමිණි ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත විදේශීය
අග්‍රාමාත්‍යවරයා ලෙසද වාර්තා වී තිබේ. 

ලොව විශාලතම ශිව නටරාජා පිළිමය ජී 20 සමුළුව පැවැත්වෙන භාරත් මණ්ඩපය ඉදිරිපිට ස්ථාපනය කර තිබීමත් විශේෂත්වයක් අඩි 27ක් උසින් යුත් එය ටොන් 20ක බරකින් යුක්ත වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර ඉන්දීය ගුවන් හමුදාවේ කමාන්ඩර්වරයෙකු පොළවේ සිට අඩි 10,000 ක් උසින් ජී 20 ධජය ප්‍රදර්ශනය කළ අයුරු විදෙස් මාධ්‍යවල දැඩි අවධානයක් හිමිකරගෙන තිබූ බව සදහන්.

Exit mobile version