ගලපිටමඩ ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට .

ගලපිටමඩ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගිනි අවියක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මීතොටමුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 890 සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී නිට්ටඹුව ප්‍රදේශයේ සඟවා තිබී මෙම ගිනි අවිය සහ එයට යොදන ජීව උණ්ඩ අටක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවට පොලීසිය පවසයි.

ගලපිටමඩ ප්‍රදේශයේදී පසුගිය මස 14 වැනිදා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බවට තොරතුරු රැසක් අනාවරණය වූ බවට පොලීසිය වැඩිදුරටත් පවසයි.

පොලීසිය විසින් සොයා ගත් ගිනි අවිය සැකකරුවන්ට ලබාදී ඇත්තේ විදෙස් ගතව සිටින චතුරිකා සහ පැට්ටාමංජු යන අයවලුන් බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

‍මෙලෙස අත්අඩංගුවට ගත් පළවෙනි සැකකරු වරකාපොළ ප්‍රදේශයේ පදිංචි ඇඟලුම් කම්හල් සේවකයෙකු වන අතර දෙවන සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි ගෑස් සමාගමක සේවකයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version