ගල්ගමුව තැපැල් කාර්‍යාලය බිඳ එහි සාප්පුවේ තිබූ ලක්ෂ 16 ක මුදලක් සොරාගෙන ඇති බව වාර්තා වේ.
අද (02) උදෑසන සේවයට පැමිණි සේවකයන් තම සේවා ස්ථානයට ඇතුල් වෙනවාත් සමඟම ආයතනය පිටුපස දොර විවෘත කර ඇති බව ඔවුන්ට දර්ශනය විය. අනතුරුව ඒ සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිසිය සැක පළ කරන්නේ මෙම සිදුවීම ඊයේ (01) හෝ පෙරේදා (30) යන දින දෙකෙන් එක් දිනකදී සිදුවන්නට ඇති බවයි.
මෙම සිද්ධිය හේතු කොටගෙන අද (03) දින තැපැල් කන්තෝරුව තාවකාලිකව වසා දැමූ අතර ඒ හෙතුවෙන් ජනතාව අපහසුතාවයට පත් වූ බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන්.
