ඊයේ (16) සවස යක්කලමුල්ල නගරයේ රාජ්‍ය බැංකුවක් අසළ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගාල්ල – යක්කලමුල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වේ.
අද (17) ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනයේ අධීක්ෂණය යටතේ එය ඉවත් කිරීමට තීරණය කර ඇත.
මෙම මාර්ගය අවහිර වීමෙන් ගාල්ල සිට යක්කලමුල්ල දක්වාත් යක්කලමුල්ලේ සිට ගාල්ල දක්වාත් ගමන් ගන්නා වාහන වලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය දැනුම් දී තිබේ.
