Galle Face අරගලයේ පිටපතක් ඉරාකයෙන්.

Iraqi anti-government protesters stand behind a barricade as security forces fire tear gas to keep demonstrators from storming the Green Zone, which hosts government offices and foreign offices, on October 28, 2019 in Baghdad. - The Iraqi army announced it would impose an overnight curfew in the capital as students and schoolchildren joined spreading protests to demand an overhaul of the government. Swathes of Iraq have been engulfed by demonstrations over unemployment and corruption this month that have evolved into demands for regime change. (Photo by - / AFP) (Photo by -/AFP via Getty Images)

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මේ වන විට බලවත් ෂියා පූජකයෙකුගේ ආධාරකරුවන් සහ ඉරාක ආරක්ෂක හමුදා අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

මෙම ගැටුම් සිදුව ඇත්තේ එරට අගනගරය වන බැග්ඩෑඩ් නගරය කේන්ද්‍ර කර ගනිමිණි.

මුක්ටාඩා අල්-සදාර් ට සහාය දක්වන උද්ඝෝෂකයින් එරට ජනාධිපති මන්දිරයට කඩාවැදීම හේතුවෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම ගැටුම් ආරම්භව ඇත්තේ මුක්ටාඩා අල්-සදාර් තමා දේශපාලනයෙන් සමුගන්නා බවට කරන ලද නිවේදනයත් සමග ය.

භාරකාර රජය අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන ලෙසට ඉල්ලීම් කර ඇත්තේ  තවත් නගර කිහිපයක ගැටුම් ඇති වීමත් සමග ය.

එමෙන්ම එරට තුළ හදිසි අවස්ථාවක් නිවේදනය කර ඇති අතර , රජයේ කාර්යාල, ගොඩනැගිලි සහ විදෙස් තානාපති කාර්යාල ස්ථාපනය කර ඇති බැග්ඩෑඩ් නගරයේ “Green Zone” කලාපය තුළ වැඩි වශයෙන් ගැටුම් පැවති බවද සඳහන් වේ.

Exit mobile version