පොල් , කුරුඳු අතරින් ගංජා මතුවෙයි.

කුරුඳු සහ පොල් වගාවක් තුළ සරුවට ගංජා වගා කළ පුද්ගලයෙක් ඊයේ (22) අඟුණකොලපැලැස්ස , කරගහවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

උස්වැව , කරගහවල වැව ආසන්නයේ තිබෙන ඉඩමක පොල් සහ කුරුඳු වගාවක් අතරේ අඩි 3ක් පමණ උසට සරුවට වැඩුණු ගංජා පැළ 2,327 ක් සහ ගංජා කිලෝ ග්‍රෑම් 7 ග්‍රෑම් 800ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මොහු වෑකදවල ප්‍රදේශයේ පදිංචි අයෙකි,

සිද්ධිය සම්බන්ධයෙන් අඟඟුණකොලපැලැස්ස පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version