ගංජා හේනක් පොලිස් භාරයට .

තණමල්විල – අරඹෙකම ප්‍රදේශයේදී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම ගංජා හේනේ උස අඩි හතරකට ආසන්න උසකින් ඉතාම සරුවට වගා කර තිබූ ගංජා ගස් පහළොස් දහසක් පමණ තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බවට පොලීසිය පවසයි.

ගංජා හේන වගා කළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 36ක අයෙකි.

Exit mobile version