ගංජා හේනක් වටලයි.

කොස්ලන්ද ප්‍රදේශයට අයත් බලහරුව මව්ආර ප්‍රදේශයේ පර්චස් 15 ක පමණ භූමි ප්‍රමාණයක් තුළ වගාකර තිබූ අඩි 6 කට වඩා උසින් යුත් ගංජා ගස් 225 ක ප්‍රමාණයක් හපුතලේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් ගංජා ගස් එම වගා භූමිය තුළදී පුලුස්සා විනාශ වී ඇති බව සදහන්.

මෙහි ඉදිරි නීති කටයුතු සදහා කොටසක් කොස්ලන්ද පොලිසිය වෙත යවා තිබේ.

Exit mobile version