ගෑස් මිල පහළට.

ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා අද (04) නිවේදනය කළ අතර කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204.00 කිනුත් , කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 83.00 කිනුත් කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 37.00 කිනුත් පහළ දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව නව මිල ගණන් වශයෙන්  කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2982.00 ක් ලෙසත් , කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩයක් රුපියල් 1198.00 ක් ලෙසත් සඳහන් වේ.

මෙම මිල අඩු කිරීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව වාර්තා වේ.

Exit mobile version