ඉන්ධනහල් හදිසියේ වටලයි.

කොහුවල ප්‍රදේශයේ ඉන්ධනහලක් හදිසි පරීක්ෂාවට ලක් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් ඒකකයේ විමර්ශන නිලධාරීන් අද (23) දින කටයුතු කළේය.

පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරාගත් පිළියන්දල සමුපකාර ඉන්ධනහලේ ඉන්ධන වංචාවෙන් අනතුරුව දිවයින පුරා විශේෂ වැටලීම් ඒකකයේ කණ්ඩායම් යොදවා අහඹු ලෙස ඉන්ධනහල් පරික්ෂා කිරීමේ වැඩසටහන යටතේ මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී සියලුම ඉන්ධන පොම්ප වලින් මුදලට සරිලන ලෙස ඉන්ධන පාරිභෝගිකයන් වෙත නිකුත් කෙරෙන්නේ ද ? යන්න විශේෂ අවධානයක් විමර්ශන නිලධාරීන් යොමු කර මිනුම් උපකරණ ද භාවිතා කරමින් පරීක්ෂාවට ලක්කල අතර ඉන්ධන පොම්පවල අභ්‍යන්තර පරිපථ පරීක්ෂාවට ලක් කෙරිණි.

තවද භූගත ඉන්ධන ටැංකි කෙරෙහි ද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

Exit mobile version