ජර්මනියේ නාසි පක්ෂයේ සංකේතය වන ස්වස්ථිකය භාවිතා කරමින් අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් සිදුකරන විරෝධතා ඉහළ යාම හේතුවෙන් ස්වස්ථිකය සලකුණ ඕස්ට්‍රේලියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇති අතර මෙම සලකුණ ප්‍රදර්ශනය කළහොත් වසරක සිරදඬුවමකට යටත් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හින්දු , බෞද්ධ , ජෛන ආගම්වල පූජනීය සංකේතයක් ලෙස පවතින පුරාණ කොකු සහිත හරස් මෝස්තරය නාසි පක්ෂයේ සංකේතය ලෙස ව්‍යුත්පන්න වී ඇති අතර නව නීතිය මඟින් එම ආගම්වල ක්‍රියාකාරකම් සඳහා බලනොපාන බව ඕස්ට්‍රේලියානු නීතිපතිවරයා සඳහන් කර තිබේ.
