අද (24) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන්ගේ වැටුප් ගැටලුව ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙහි දී සෞඛය සේවය තුළ පවත්නා අර්බුදයන් පිළිබඳව මෙන්ම වැටුප් ප්‍රතිපත්ති බිඳීයාම සඳහා ඇතැමුන් ගෙන ඇති පියවර හේතුවෙන් සමස්ථ රාජ්‍ය සේවයම බරපතළ අර්බුදයකට ලක්වීමට ඇති අවදානම සම්බන්ධයෙන් ජනපති සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.
