දිවයිනේ දිස්ත්‍රික්ක 05ක සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන අද (20) උදෑසන 08.00 සිට පැය 24ක කාලයක් එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
මෙම වැඩවර්ජනය සඳහා පාදක වී ඇත්තේ පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීම වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.
ඒ අනුව මෙම වැඩ වර්ජනය මන්නාරම, ත්‍රිකුණාමලය, රත්නපුර ,නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර ඇත.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය ලේකම්වරයාගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වන වෛද්‍ය විජේසූරිය මහතාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා රෝගීන් අපහසුතාවයට පත්ව ඇති බවත්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ වන විට දැනුවත් කර ඇති බවත් ය.
