ඥාණාංග ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ රංගන ශිල්පී ඥාණාංග ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (04) අභාවප්‍රාප්ත වී තිබෙන බවට වාර්තා වේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 78කි.
පරාක්‍රම ද සිල්වාගේ ‘හෙවනැලි ඇද මිනිස්සු’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙන බව සදහන්.

ඒ මහතාගේ දේහය හෙට (5) පෙරවරු 8.30 සිට බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී සෙනසුරාදා (06) පස්වරු 3.00 ට සිදුකිරීමට නියමිතය.

Exit mobile version