“Go First” බංකොලොත් වෙයි.

ඉන්දියාවේ අඩු මුදලකට ගුවන් සේවා සපයන සමාගම් කිහිපයක් අතරින් ඉදිරියෙන්ම සිටි සමාගමක් වූ “Go First” ගුවන් සමාගම බංකොලොත් වී ඇති බව වාර්තාවේ.

එම සමාගම විසින් එම හේතුව මුල්කර ගනිමින් ඉදිරි දින තුනේදී ක්‍රියාත්මක කිරීමට තිබු සියලු ගුවන් ගමන් අවලංගු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වෙයි.

එලෙස ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවයට පත්වූ ගුවන් මගීන් සඳහා නැවත ප්‍රවේශපත්‍ර සඳහා ගෙවනලද  මුදල් නැවත ආපසු ගෙවීමට එම සමාගම කටයුතු කරනබව වාර්තාවේ.

එම සමාගමේ ගුවන් එංජින් නිෂ්පාදන හා අලුත්වැඩියා කරන සමාගම වූ “Pratt & Whitney” සමාගමේ කටයුතු හේතුවෙන් තම සමාගම මෙවැනි ඉරණමට හේතු වූ බවයි පැවසෙන්නේ.

එම සමාගම සතුව ගුවන්යානා 50ක් පමණ තිබු බව වාර්තාවේ.

Exit mobile version