හිතේ ගින්දර නිවා සැනසීම ළගා කරවන අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියෝ.

ගෞතම බුදුන් සමයේ ශ්‍රීලංකාව පාලනය කළ බවට ඉතිහාස තොරතුරු !

දේව හාස්කම් ගැන බැතිමතුන් තුල දැඩි විශ්වාසයක්

ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යය , මහනුවර ශ්‍රී විශ්ණු දේවාලය, හා අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය අතර ඇත්තේ සුවිශේෂී පෞරාණික සම්බන්ධතාවක්!

මේ එළඹ ඇත්තේ ඇසල පෙරහර සමයයි.මෙරට අතීත ශ්‍රී විභූතිය ලොවට විදහා පාන අපේ සංස්කෘතික උරුමයන් මතු පරපුරට දායාද කරන බුදු දහම හා බැඳුණු පෙරහර මංගල්‍යය අතර ප්‍රමුඛත්වය ගනු ලබන්නේ ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන කන්ද උඩරට ඇසල පෙරහර මංගල්‍යයයි.

ලොව පුරා ඉහළ පිළිගැනීමට ලක් වන මෙම පෙරහර මංගල්‍යය හා අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය අතර ඇත්තේ දැඩි සංස්කෘතික බැඳීමකි. සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික අලුත් නුවර ශ්‍රී දැඩි මුණ්ඩ දේවාලයේ පෙරහර මංගල්‍යය අවසන් වීමෙන් පසුව දින ගණනාවකට පසුව ආරම්භ වන ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ වන්නේ මහනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලයේ සිදු කෙරන කප් සිටුවීමේ චාරිත්‍රයෙනි.එහි සිටුවන කප රැගෙන එන්නේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ සිටය.එම කප මහා භක්තියෙන් යුතුව විචිත්‍රවත් පෙරහරකින් කන්ද උඩරටට වැඩම වීම සිදු කෙරේ.ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ වන බවට සෑම වසරකම මුල්ම පණිවිඩය ලැබෙන්නේ එම පෙරහරෙණි.

(බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා)

මේ වන විට මහනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ හා අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ බස්නායක නිළමේ ධූරය දරන්නේ අනුරුව රත්වත්තේ මහතාගේ පුතෙකු වන මහීන්ද්‍ර රත්වත්තේ මහතාය.සබ්‍රරගමුව හා කන්ද උඩරට යා කරමින් සිදු කෙරෙන මෙම ඉපැරණි චාරිත්‍රානුකූ කප රැගන අලුත්නුවර සිට සෙන්කඩගල පුරවරයට එන පෙරහරට විචිත්‍රවත් බවක් එක් කරන්නට එතුමා කටයුතු කර ඇත.

එසේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ සිට රැගෙන එන කප මහනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ තැන්පත් කර සිදු කරන පුද පූජා හා වතාවක් වලින් අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම චිරාගත සම්ප්‍රදායයි.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ සිව් මහා දේවාල අතරින් ප්‍රමුඛත්වය හිමි මහනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලය හා අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය අතර ඓතිහාසික බැදීම මෙමගින් විදහාපානු ලබයි.

මෙවර ද දින දහයක් පුරා අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ පෙරහර මංගල්‍යය සාර්ථකව පැවැත්වුණු අතර තව දින කිහිපයකින් කන්ද උඩරට ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ වේ.

මහනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ හාස්කම් හා පුරාවෘත්තයන්ද බොහොමයක් ඇත .එම තොරතුරු ඊළඟ ලිපියකින් ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන අතර අද ඉදිරිපත් කරන්නේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ දේව හාස්කම් හා දැඩිමුණ්ඩ දෙවියන් පිළිබඳ වූ රටේ ජනතාව හරි හැටි නොදන්නා ඓතිහාසික කරුණුය.

අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පැවැත්වෙන දේව ආරාධනය කරන මොහොතේ දිවයිනේ දස දෙසින් පැමිණි භක්තිවන්තයන් තමන් පැමිණි කරුණු කාරණා සිතින් සිතා ගනිමින් එය ඉෂ්ට සිද්ධ වනු උදෙසා විවිධාකාර වූ පූජා භාණ්ඩද සහිතව දොහොත් මුදුන් තබාගෙන සිටිති.

“අප භාග්‍යවත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ උතුම් වූ බුද්ධාදී රත්නත්‍රය ප්‍රධාන කොට ඇත්තා වූ දෙවියන් වහන්සේලාගේ දේව නාමවල් මුදුන්පත් කරවාගෙන තවද තුන්සිය හැටක් සමයංවලට නායකව යක්ෂසේනාව පිරිවරා ලක්දිවට ගොඩබැස සතර කෝරළය බඩ මනෝරම්‍ය දිව්‍ය විමානයක් කරවා අලුත්නුවර යැයි සිරිලකට අණසක පතුරුවා චිරාත්කාලයක් වැඩ වසන වාහල බණ්ඩාර දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ. මේවැනි මේ බලියාග ශාන්තියට දේවාශීර්වාද කොට එවැනි ඒ තේජානුභාව බලයෙන් ආතුරයන්හට පැමිනි ලෙඩ දෝෂ දුරු වී සුබ ශාන්තියක් වේවා”

දේව මන්දිරය ඇතුළාන්තයෙන් නැගෙන දෝංකාරය දෙමින් හඬ නැගෙන හඬින් තම තමන් සිත් උඩරටට උරුම මුල් ඇඳුමෙන් සැරසී දකුණත නිල්වන් වේවැලක් දරා සිටින දැඩිමුණ්ඩ දේවතා හාමුදුරුවන් වහන්සේ වෙත සියල්ලෝම මහත් භක්තියෙන් හා අපේක්ෂා සහගතව බලා සිටිති.

දැඩිමුණ්ඩ දේවාලයෙහි තේවා කටයුතු භාරකාර දම්සිරි කරුණාරත්න බණ්ඩාර මහතාය. ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ කරුණු දැක්වීය .

“අද වන විට ලංකාවෙ අලුත්නුවර කියල හඳුන්වන ස්ථාන තුනක් තියෙනව. බලංගොඩ උග්ගල් අලුත් නුවර, මහියංගනේ අලුත් නුවර, මාවනැල්ලෙ හතර කෝරළේ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය මෙම ප්‍රසිද්ධ ස්ථාන තුනයි. අපේ අලුත් නුවර දේවාලයේ ඉතිහාසය දඹදෙණි රාජ්‍ය කාලය තරම් ඈත කාලයකට අයිති බව අලුත් නුවර දේවාලය කරවීම කියන පුරාණ පුස්කොළ ලියැවිල්ලෙ සඳහන් වෙලා තියෙනව. වර්ෂ 1236-1270 කාලයේ දඹදෙණියෙ රජකළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගෙ විසි දෙවැනි රාජ්‍ය වර්ෂයේදි එතුමන්ට වැළඳුණු රෝගාබාධයක් නිසා එයින් මිදීමට කළ හැකි කිසිවක් නොවුණු තැන අවසන් උත්සාහය හැටියට අලුත්නුවර දේවාලයට භාරයක් වූ බවත් මෙහි එකල වැඩිසිටි උපුල්වන් හෙවත් විෂ්ණු දෙවිඳුන්ට පුද පඬුරු හැටියට රන් ආයුධ දේව රූපය සිතුවම් කළ පෙතිකඩක් රැගෙන අවුත් තුන් අවුරුද්දක් මෙතැන පුද පූජා කළ බවත් සඳහන් වෙනවා.

ගෞතම බුදුන් වහන්සේගේ සමය දක්වා දිව යන්නකි. එනම් වසර දෙදහස් පන්සියයකටත් වඩා දීර්ඝ වූ ඉතිහාසයක් අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් වෙත පවතී. අලූත්නුවර දේවාලය ඉදිකිරීමේදී යක්ෂයින් විසින් කපා ඉවත් කරවන ලද ගල් කැබලිවල ඉතිරි කොටස් මෙම දේවාල භූමියේ දක්නට ලබෙන බව පැරුන්නන්ගේ අදහසයි. ඒ අනුව දැඩිමුණ්ඩ දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් පවතින මතවාද, දෙවියන්ගේ සංකේතය, දෙවියන් විසින් කරන ලද සටන් මෙන් ම අලූත්නුවර දේවාලය හා සම්බන්ධව පවතින අනෙකුත් දේවාල කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් වේ.

සඳහන්ය. එසේ රැගෙන ඒමේදී දැඩිමුණ්ඩ දෙවියන්ට ද ආරෝපණය කර අලූත්නුවර අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් වැඩ සිටින බව ද පිළිගනු ලැබීය. මේ අනුව උපුල්වන් දේව බලය දැඩිමුණ්ඩ දේව බලය වශයෙන් සලකන ලද බව සඳහන්ය.

වර්තමානය වනවිට අලූත්නුවර දේවාලය දැඩිමුණ්ඩ දෙවියන්ට කැප වී ක‍්‍රියාකරන බව උක්ත විස්තරවලින් ගම්‍ය වන අතර, කතරගම දෙවියන්ගේ ඇමතිවරයෙකු වශයෙන් ද දැඩිමුණ්ඩ දෙවියන් සලකන බව ඇතැමුන්ගේ අදහසයි. උපුල්වන් දෙවියන්ගේ අවසරයෙන් දැඩිමුණ්ඩ දෙවියන් වාසය කරන බව පුරාණයේ සඳහන් පද්‍යවලින් අනාවරණය වේ.

සුරත් ඉසුරු දෙවියන් රැස්වී සිට

වරන් ඇතිව ලක්දිව පන්දහසට

නරන් රකින ලෙස මතු පන්දහසට

එරන්දතී කුස පිළිසිඳ එම විට

පන්දහස් කාලයකට ලංකාව භාරදීම උපුල්වන් දෙවියන්ට භාර කළ බවත්, එම නිසා උපුල්වන් දෙවියන්ගේ අවසරය මත දැඩිමුණ්ඩ දෙවියන් සිටි බවත් පැහැදිලිය. විධුර ජාතකයට අනුව දැඩිමුණ්ඩ දෙවියන් බුුදුන් වහන්සේගේ මාර පරාජයේ දී පලා නොගිය බවත්, මෙම පුවතම උපුල්වන් දෙවියන්ට සම්බන්ධ කර තිබෙන හෙයිනුත් මෙහි යම් සත්‍යතාවක් තිබෙන බව පිළිගත හැකි ය. විධුර ජාතකය සඳහන් කරන අන්දමට දැඩිමුණ්ඩ යනු වරුණ දෙවියාගේ මුණුපුරා බව සඳහන් වන අතර, මහාචාර්ය පරණවිතානයන් දක්වන අන්දමට උපුල්වන් යනු පැරණි භාරතයේ සිටි වරුණ දෙවියන්ම බව පවසයි.

මේ ආකාරයට අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් විවිධ මතවාද පවතින බව පැවසිය හැකිය. නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න සෙවීම දුෂ්කර වන නමුදු අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය අතීතයේ සිටම ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ දේවාලයක් වශයෙන් හැඳින්වීම නිවැරදිය.

දැඩිමුණ්ඩ දෙවියන් සහ සපුමල් කුමාරයා

සපුමල් කුමාරයා සම්බන්ධයෙන් ද අලූත්නුවර දෙවියන් සම්බන්ධව කතා ප‍්‍රවෘත්තියක් ගොඩ නැඟිී තිබේ. කෝට්ටේ පාලකයා වූ හයවන පරාක‍්‍රමබාහු රජතුමා තමන් විසින් මෙහෙයවන ලද යාපනයේ යුද්ධය සඳහා සපුමල් කුමරු පිටත් කර හරින ලදී. එහිදී සපුමල් කුමරුට මුහුණදීමට සිදු වූයේ ආර්ය චක‍්‍රවර්තීන් නම් පාලකයා සමඟ සටන් කිරීමටය. මෙම ගමන ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් කුමරු යුද්ධයෙන් ජය ගැනීමේ අපේක්ෂාව සහිතව කෝට්ටේ රජමහා විහාරයට ගොස් එහි තිබෙන දැඩිමුණ්ඩ මහ දේවාලයේ ප‍්‍රධාන දොරටුවේ පඬුරක් ගැට ගසා දැඩිමුණ්ඩ දෙවියන්ට භාරයක් වූ බව සඳහන් වේ. මෙහිදී කුමරුගේ අපේක්ෂාව වී ඇත්තේ යුද්ධයෙන් ජයග‍්‍රහණය කිරීමයි. ඒ අනුව යාපනය පාලනය කළ ආර්යචක‍්‍රවර්තී රජු පරාජය කරමින් සපුමල් කුමාරයා ජයග‍්‍රහණය කළේය. මෙසේ ජයග‍්‍රහණය කිරීමෙන් පසුව සපුමල් කුමරු ප‍්‍රථමයෙන්ම සිදුකරන ලද්දේ දැඩිමුණ්ඩ දෙවියන්ට තමන් වූ භාරය ඉස්ට කිරීමයි. ඒ සඳහා කුමරු නැවත කෝට්ටේ රාජධානියට පැමිණ තමන් යුද්ධය සඳහා භාවිත කරන ලද රන් අසිපත දැඩිමුණ්ඩ දෙවියන්ට පූජා කළ බව ඉතිහාසයේ සඳහන්වේ.

ලංකාවේ පාලකයා බවට පත්වීම

දැඩිමුණ්ඩ දෙවියන් ලංකාව පාලනය කළ පාලකයෙක් වශයෙන් ද සලකනු ලබන අතර, ගෞතම බුදුන් වහන්සේගේ සමය වනවිට ලංකාව අරාජිකව පැවති බවත් ඉතිහාසයේ සඳහන් වේ. මෙරට පාලකයෙකු නොමැති වූ හෙයින් ලංකාව පාලනය කිරීමේ කාර්යය දැඩිමුණ්ඩ දෙවියන් විසින් සිදු කරන ලද බව සඳහන් වේ. බලංගොඩ ප‍්‍රදේශයේ පිහිටි දේවාලය රාජ මාළිඟාව වශයෙන් සලකන ලද අතර, මාවනැල්ල ප‍්‍රදේශයේ පිහිටි අලූත්නුවර පිහිටා තිබුණ මාළිඟය දෙවැනි මාළිඟාව වශයෙන් සලකන ලදී. දැඩිමුණ්ඩ දෙවියන් තමන්ගේ මන්ත‍්‍ර බලයෙන් උක්ගස් ගල් බවට පත්කිරීම නිසාවෙන් උග්ගල් නම් වූ බව සඳහන් වේ. මෙම දෙවියන් රට පාලනය කරන සමයේ දී ලංකාවේ ප‍්‍රථම වාරි කර්මාන්තය බිහි වූ බවට මතයක් පවතින අතර, අමුණු හැටක් සහ නගර දහ අටක් පැවති බව පුරාවෘත්තයන්හි දක්වා තිබේ. එසේම පොල්තෙල් පහනේ ආරම්භය සිදුවන්නේ ද දැඩිමුණ්ඩ දෙවියන් දවස බව සැලකේ.

අලූත්නුවර දේවාලය හා සම්බන්ධ අනෙකුත් දේවාල

අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ප‍්‍රධාන දේවාලය වශයෙන් සලකන අතර, මේ හා සම්බන්ධ වූ තවත් අප‍්‍රධාන දේවාල රැසක් ම හමු වේ. දේවාල අතර, කෝට්ටේ රජමහා විහාරයේ ඵෙතිහාසික සපුමල් බණ්ඩාර දැඩිමුණ්ඩ මහ දේවාලය, පත්තිනි දෙවියන් සහ සමන් දෙවියන් අදහන දේවාලවල දැඩිමුණ්ඩ දෙවියන් ඩැඩ සිටින බවත්, යක්ෂ ගෝත‍්‍රිකයින් සහ අංගම්පොර සටන්කරුව්න දැඩිමුණ්ඩ දේවාලය අදහන බවත් පැවසේ. මේ ආකාරයට අලූත්නුවර දේවාලය ප‍්‍රධාන කොටගෙන තවත් දේවාල රැසක්ම ක‍්‍රියාත්මක වන බව පැහැදිලි ය.

මේ ආකාරයට අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඈත අතීතයේ සිට ද ජනතාවගේ නොමඳ ගෞරවාදරයට ලක් වූ බවත්, රාජ්‍ය අනුග‍්‍රහය ද මේ සඳහා හිමි වූ බවත් පැහැදිලිය. එසේ ම ගිහි ජනතාව මුහුණ දෙන කරදර, උවදුරුවලින් මිදීම සඳහාත්, යක්ෂ සහ පේ‍්‍රත වැනි අදෘශ්‍යමාන බලවේගවලින් ඇතිවන කරදරවලින් මිඳමටත්, දරුවන් නොමැති කාන්තාවන් දරුවන් ලබාගැනීම සඳහාත් අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට පතා පැමිණෙනු දැකගත හැකිය. එමෙන්ම කෙම්මුර දවස් වූ බදාදා සහ සෙනසුරාදා යන දින දෙකෙහි පැමිණි ජනතාව වර්තමානය වනවිට සතියේ සෑම දිනකම පාහේ පැමිණෙනුයේ දෙවියන් කෙරෙහි වූ අසීමිත භක්තිය නිසාවෙනි. තව ද වාර්ෂිකව සිදුකරනු ලබන අලූත්නුවර පෙරහැර ද ජනතාවගේ සිත්හි පවතින්නා වූ දේව භක්තිය මනාව ප‍්‍රකට කරවයි. මේ අන්දමට අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් සම්බන්ධයෙන් විවිධ මතවාදයන් මෙන් ම ජනප‍්‍රවාදයන් පවතින නමුදු ලාංකීය ජනතාව මහත් භක්තියෙන් යුතුව දැඩිමුණ්ඩ දෙවියන් වැද පුදා ගැනීමට පැමිණෙන බව පැවසිය හැකිය.

සරත් සමරනායක

Exit mobile version