දකුණු කොරියාවේ යෙචියොන් නුවර පැවත්වෙන 20 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් තරුෂි දිල්සාරා අද (05) රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ බව වාර්තා වේ.
එමෙන්ම ඇය ඊයේ (04) දින මීටර් 400 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් බව සඳහන්.
