රත්‍රං මිල පහළට.

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (06) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 148,000ක් දක්වා පහළ ගොස් ඇති බව සදහන්.

ඊයේ (05) දිනයේ දී එය දැක්වුණේ රු. 149,000ක් ලෙසයි.

මේ අතර රු. 161,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 160,000ක් දක්වා සුළු අගයකින් පහත වැටී ඇති බවට කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර තිබේ. 

Exit mobile version